Sunday, December 27, 2009

ඔන්න අපිටත් අනුන්ගේ පාලනයට යටවෙන්න සිද්ධ වෙන කාලෙ ඇවිත්

මේ වීඩියෝ එක බලන්නකො . . . . .



http://www.youtube.com/watch?v=iRTVgnPd1lM&feature=related

Sunday, November 8, 2009

මා ආදර බිරිඳට . . . .

සඳවතිය වී මවෙත පෑ සිනා මැවෙනවා

හදවතේ ලඟ ඉඳන් මසිත මුර කරනවා

දුරු රටක ආවමුත් ඔබෙ සෙනෙහෙ දැනෙනවා

ශාන් අප ලඟ නැතත් ජීවිතය විඳිනවා.....


 

ප.ලි
: - වැලිකතරේ ජීවිතය සොයන මට ඔබගේ එක සෙනෙහෙ වදනකින් සිත සනසාගන්නට පු‍ළුවන.


 

ජීවිතය විඳවීම . . . (විඳීමද දන්නෙත් නෑ)

මට පහුගිය සති කීපයේ මුකුත් ලියන්න වෙලාවක් තිබුනෙ නෑ. ඔළුව උස්සගන්න බැරි තරමට වැඩ ගොඩ ගැහිලා තිබුනා. ලංකාවේදී වගේ නෙවෙයි, මෙහේ රස්සාවට ජීවිතයට වඩා වටිනාකමක් දීලා තියෙන්නෙ. මට හිතාගන්න බෑ සල්ලි පස්සෙ මිනිස්සු මේ තරම් දුවන්නේ ඇයි කියලා.

Wednesday, August 26, 2009

හිත හඬන තරම් . . .

අපේ ලොවට එළිය අරන් පෑයූ රන් තරුකි දුවේ

තාත්තාට ඔබ සිහිවී දහස් වරක් ඇඬෙයි දුවේ

එන්නට හැකිනම් ඉගිලී ඔබේ ලඟට පුංචි දුවේ

මෙලොව ඉන්න ප්‍රීතිමත්ම, පියා ලෙසට හැඟෙයි දුවේ

Saturday, August 22, 2009

වෙලාව . . .

මම ඔයගොල්ලන්ට කිව්වනේ මම ලංකාවට ගිහින් එන්න යනවා කියලා ගිය අගෝස්තු 02. ඉතින් මම ගියා ඒ දිනයට ලංකාවට දවස් 18කට. ඊයෙ මම ආයෙත් ආව, ඒ දවස් 18 ගියා නෙවෙයි ඉගිලුනා කිව්වොත් හරි. වෙලාව මෙච්චර වේගෙන් යන්නෙ ඇයි ගියලා හිතෙනවා වෙලාවකට. ඒත් මෙ‍හෙ ආවම වෙලාව වේගෙන් යනවට ආසයි.

Tuesday, July 28, 2009

ඇත්තටම මොකක්ද උනේ?

මම මේ ටිකේම ගොඩක් බ්ලොග් සටහන් වල දැක්කා පාසල් සිසුවියකගේ දිවිනසා ගැනීමක් ගැන. මම හිතනවා අපි ඇයගේ මරණය ගැන කථාකරන වි ඇයට සිදුවු අසාධාරණය ගැනද කතා කළයුතු අතර ඔය කියන ගුරුතුමියගේ තත්වය ගැනද සලකා බැලිය යුතුයි. ගුරුවරුන් කියන්නේ අප හැමට පෙරදා මේ අකුරු කරනට කියාදුන් උදාරතර මිනිසුන් කොට්ඨාසයකටයි. එදා ඔවුන් අපහට සැරවැර නොවූවානම් ඔය කියන බුද්ධිමතුන් බොහොමයක් අද අප අතර නැත. මානව හිමිකම් තිබෙන බව සැබෑය. මානවයා විසින් එම හිමිකම අනවශ්‍ය ලෙස පරිශීලනය කරන්නේනම් එයට නීතියද අවශ්‍ය බව අපි දනිමු. මෙහිදී සිසුවියගේ යහපත සඳහා එම ගුරුතුමිය විදුහල්පතිනියට මේ ගැන කීමට ගියා විය හැකිය. (අප බොහෝ දෙනෙකුට යහපත සඳහා කරන බොහෝ දේ අපගේ අනවශ්‍ය ඉක්මන්වීම නිසා නොවැටහේ. සිසුවියටද මේ දෙයම සිදුවන්නට ඇතැයි සිතමි.)

අතුරු කතාවක් මගින් මාතෘකාව විමසීමට අදහස් කරමි.

ඔය කව්රුත් මේ මෑතකදී ලංකාවේ ප්‍රසිද්ධ පාසල් වලට ගියාදැයි මා නොදනිමි. එහෙත් මීට වසරකට පමණ පෙර මා පන්නිපිටියේ පිහිටි ප්‍රධාන පාසලකට ආරාධනාවක් ලබාදීම සඳහා ගියෙමි. මෙහිදී මා දුටු අවාසනාවන්තම දෙය නම් එම පාසලේ සිසු සිසුවියෝ පිරිසක් පංති කාමරයකට රොක්වී කාඩ් ගසමින් නොසරුප් බස් කියමින් සිසුවියන්ගේ අඟපසඟ අල්ලමින් විනෝද වීමයි. මදකට හිතන්න මේ දෙය කියනකොට ඔබ කියාවි ඕක සාමාන්‍යයෙන් ඔය වයසට කරන දේවල් කියල. ඒත් ඔබ විවාහකනම් දරුවන් සිටීනම් (මෙහිදී ගැහැණු දරුවකු පිරිමි දරුවකු කියා වෙනසක් නැත) හෝ ඔබගේ සහෝදරයෙක් නැත්නම් ස‍හෝදරියක් මෙලෙස හැසිරෙනු දුටුවොත් මොනවගේ සිතිවිලි පහල වේද?

මෙහිදී පෙර ගුරුවරිය මගේ දොෂ දර්ශනයට ලක්නොවන අතර සිසුවිය ගැන අනුකම්පාවක් ඇතිවේ. මේ සමාජයේ හය හතර නොදත් ඇය භීතියට ලක්වූයේ අප පාසල් මනා කළමනාකරනයට ලක්නොවූ නිසාය. රටකට සමාජයකට නීතියක් අවශ්‍ය සේම එම රටේ අනාගත පුරවැසියන් බිහිකරන පාසලටද දැඩි නීතියක් අවශ්‍ය බව මගේ මතයයි. තවද පාසල තුළ ජංගම දුරකථන භාවිතය සාධාරණීකරනය කරමින් කතාකරන්නට සමාජයේ පවතින තත්වය සැමවිටම වලංගු නොවන බව මගේ සිතිවිල්ලයි. දිනකට පැය 6ක කාලයක් පවතින පාසල් කාලය තුල ගෙදර අම්මා/තාත්තා සමග කතා කරනු නොවිය හැකිය. මන්ද ඉතිරි පැය 18 තුල එය කළහැකි බැවිනි. පාසල් තුළ ජංගම දුරකථන භාවිතය තහනමට මා පක්ෂ අතර එය භාවිතා කරන්නට අවසර දෙන්නේනම් කුමන පදනම මතද යන කරුණ මට නොවැටහේ. අප සමාජය ඔය කියන තරම් සමාජ විරෝධිද? සමාජ විරෝධි සිද්ධි කීයක්
පාසල් වලින් මේ වෙනකොට ජංගම දුරකථන නිසා වලක්වාගැනීමට හැකිවූවාද? මේ සෑම ප්‍රශ්ණයකටම පිළිතුර ඔබගේ මනසින් විමසා බලන්න.

මේ සෑම දෙයක්ම මාගේ සිතිවිල්ලට අනුව වන අතර සංවාදයක් ගොඩනගන්නේනම් කැමැත්තෙමි.

Monday, July 27, 2009

27-ජූලි-2009

මට අද කියන්න සතුටුදායක ආරංචියක් තියනවා. මම ‍ලබන ඉරිදා(02-අගෝ-2009) ලංකාවට ඇවිත් යන්න එනවා.

Saturday, July 25, 2009

ඇත්තමයි සිහිනයක් වගෙයි......

හා හා පුරා කියල ලියන්න යන්නෙ මම මේ රටේ ගත කරන ජීවිතය ගැන. මේ වෙලාවේ කියන්න බොහෝ දේ හදවතේ පොර කෑවත් ඔයාලට මුලින්ම කියන්න තියෙන්නෙ එක දෙයයි. ලංකාව තරම් සුන්දර රටක් වෙන කොහෙවත් නැහැ. මම මෙහෙම කිව්වම ලංකාවෙන් අඩියක් එළියට තියල නැති අය කියයි ඕක හැමෝම කියන දේනෙ කියලා. ඇත්ත හැමෝම කියන්නෙ ඒක වැටහෙන්නෙ ලංකාවෙන් එළියට ආවම හින්දා. හැබැයි මම කියන්නෙ නෑ අපි හැමෝටම හොඳ ආදායමක් ලබාගන්න පුළුවන් පරිසරයක් ලංකාවේ තියනවා කියලා. එහෙමනම් ලක්‍ෂ ගණනක් පිටරටවලට ඇවිත් වැඩ කරන්නෙ නෑනෙ. කතාව වෙන අතකට යනවද මන්දා?..... ඔව් මම ආයෙත් එන්නම් මෙහෙ ජීවිතයට...

මට හිතෙනවා මුල ඉඳලම මගේ විස්තරය කියන්න. එතකොට මටත් මුල අග තේරුම් ගන්න පුළුවන් මම හිතන දේ.

මට හිතෙන හැටි (ඔයාලට තේරෙනවද මන්දා....)

ඉතිං යාළුවනේ මම බ්ලොග් සටහන් වලට අළුත්. ඒත් පරිගනක ක්‍ෂ්ත්‍රයට ටිකක් පරණයි. දැන් සිංහල යුනිකෝඩ් නිසා මටත් මගේ අදහස් ලේසියෙන් හැමෝටම කියන්න පුළුවන් වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම අද ඉඳලා දිගටම ලියනවා. (පම්පෝරිය නවත්තලා ලිව්වනම්.....) හරි හරි ඔන්න එහෙනම්.