Sunday, November 8, 2009

මා ආදර බිරිඳට . . . .

සඳවතිය වී මවෙත පෑ සිනා මැවෙනවා

හදවතේ ලඟ ඉඳන් මසිත මුර කරනවා

දුරු රටක ආවමුත් ඔබෙ සෙනෙහෙ දැනෙනවා

ශාන් අප ලඟ නැතත් ජීවිතය විඳිනවා.....


 

ප.ලි
: - වැලිකතරේ ජීවිතය සොයන මට ඔබගේ එක සෙනෙහෙ වදනකින් සිත සනසාගන්නට පු‍ළුවන.


 

2 comments:

  1. සත්තකින්ම ඇත්ත!

    ReplyDelete
  2. ආදරයක් පතා අතගෙන සුරකින්න
    සාගරයක් උඩින් තව රටකට එන්න
    සාගර ඔබ වගේ වැලිකතරට පැන්න
    ආකර සොයන තරගෙට විත් උර දෙන්න,

    ගේ දොර ඉඩ කඩම් දාහක් දේ බලන
    ඒ හැර තවත් බෝ දේ වේ ඈ අතින
    සොබර හදක නිති ඈ වෙනුවෙන් ගැයෙන
    මේ කවි මල් මිටකි ඒ වෙනුවෙන් පිදෙන

    ReplyDelete

ජීවිතය විඳින්න එකතු වෙමු.