Saturday, May 8, 2010

මොකක්ද මේ Phone Virus කතාව

මේ වීඩියො එක බලන්න. අපව පාලනය කළහැකි තරංග සංඛ්‍යාතයන් ජනනය කළ හැකිනම් මරන එක ඒ තරම් අමාරු වන එකක් නෑ. සම්පූර්ණයෙන් එකඟ නොවුවත් යම් සත්‍යයක් තිබිය හැකියි.

http://magesithuma.blogspot.com/2009/12/blog-post.html

Saturday, March 13, 2010

ආයෙත් රස්නෙ ඇවිත්

මේ දවස්වල ආයෙත් කතරට රස්නෙට ඇවිත්. දැන් ඉතින් කරවල වෙන කාලෙ. ලංකාව සැරෙන් සැරේ මතක් වෙනවා. අපේ දේශගුණය කොච්චර සනීපද. මෙහෙ තියන කාෂ්ඨක බව කොහොම හරි රට යන්න උණෙන් හිටිය මට හොඳ පාඩමක් කියලා දුන්නා. මම හිතුවේ යුද්දෙ ඉවර උනාට පස්සෙවත් ඉක්මනට ලංකාවට ඇවිත් හොඳ රස්සාවක් කරන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ යන විදියට ඒකත් හීනයක් කියලා හිතෙනවා. ලංකාවට තියන සම්පත් මේ අරාබි රටවලට තිබුනනම් මේ රටවල් හිතාගන්න බැරි තරම් දියුණු වෙනවා අනිවාර්යයෙන්ම. මෙහෙ අරාබි හිටියට ඔවුන් ගොඩ දෙනෙක් විවෘත මනසකින් ලොකය දිහා බලන්නෙ. සියළු රජයේ ආයතන පරිගණකගත කරල තියෙන්නෙ. ලංකාවෙ වගේ අණබෙර ගගහා විවෘත කිරීම් නෑ. නමුත් වැඩේ කෙරෙනවා. මෙහෙ තවම දියුණු වෙමින් පැවතුනත් තව අවුරුදු පහකින් තත්වය දැන්ම මැවිලා පේනවා. එතකොට අපෙ ලංකාව තවත් වයසට ගිහින් තියෙයිද කියලයි මට දුක හිතෙන්නෙ.