Tuesday, July 28, 2009

ඇත්තටම මොකක්ද උනේ?

මම මේ ටිකේම ගොඩක් බ්ලොග් සටහන් වල දැක්කා පාසල් සිසුවියකගේ දිවිනසා ගැනීමක් ගැන. මම හිතනවා අපි ඇයගේ මරණය ගැන කථාකරන වි ඇයට සිදුවු අසාධාරණය ගැනද කතා කළයුතු අතර ඔය කියන ගුරුතුමියගේ තත්වය ගැනද සලකා බැලිය යුතුයි. ගුරුවරුන් කියන්නේ අප හැමට පෙරදා මේ අකුරු කරනට කියාදුන් උදාරතර මිනිසුන් කොට්ඨාසයකටයි. එදා ඔවුන් අපහට සැරවැර නොවූවානම් ඔය කියන බුද්ධිමතුන් බොහොමයක් අද අප අතර නැත. මානව හිමිකම් තිබෙන බව සැබෑය. මානවයා විසින් එම හිමිකම අනවශ්‍ය ලෙස පරිශීලනය කරන්නේනම් එයට නීතියද අවශ්‍ය බව අපි දනිමු. මෙහිදී සිසුවියගේ යහපත සඳහා එම ගුරුතුමිය විදුහල්පතිනියට මේ ගැන කීමට ගියා විය හැකිය. (අප බොහෝ දෙනෙකුට යහපත සඳහා කරන බොහෝ දේ අපගේ අනවශ්‍ය ඉක්මන්වීම නිසා නොවැටහේ. සිසුවියටද මේ දෙයම සිදුවන්නට ඇතැයි සිතමි.)

අතුරු කතාවක් මගින් මාතෘකාව විමසීමට අදහස් කරමි.

ඔය කව්රුත් මේ මෑතකදී ලංකාවේ ප්‍රසිද්ධ පාසල් වලට ගියාදැයි මා නොදනිමි. එහෙත් මීට වසරකට පමණ පෙර මා පන්නිපිටියේ පිහිටි ප්‍රධාන පාසලකට ආරාධනාවක් ලබාදීම සඳහා ගියෙමි. මෙහිදී මා දුටු අවාසනාවන්තම දෙය නම් එම පාසලේ සිසු සිසුවියෝ පිරිසක් පංති කාමරයකට රොක්වී කාඩ් ගසමින් නොසරුප් බස් කියමින් සිසුවියන්ගේ අඟපසඟ අල්ලමින් විනෝද වීමයි. මදකට හිතන්න මේ දෙය කියනකොට ඔබ කියාවි ඕක සාමාන්‍යයෙන් ඔය වයසට කරන දේවල් කියල. ඒත් ඔබ විවාහකනම් දරුවන් සිටීනම් (මෙහිදී ගැහැණු දරුවකු පිරිමි දරුවකු කියා වෙනසක් නැත) හෝ ඔබගේ සහෝදරයෙක් නැත්නම් ස‍හෝදරියක් මෙලෙස හැසිරෙනු දුටුවොත් මොනවගේ සිතිවිලි පහල වේද?

මෙහිදී පෙර ගුරුවරිය මගේ දොෂ දර්ශනයට ලක්නොවන අතර සිසුවිය ගැන අනුකම්පාවක් ඇතිවේ. මේ සමාජයේ හය හතර නොදත් ඇය භීතියට ලක්වූයේ අප පාසල් මනා කළමනාකරනයට ලක්නොවූ නිසාය. රටකට සමාජයකට නීතියක් අවශ්‍ය සේම එම රටේ අනාගත පුරවැසියන් බිහිකරන පාසලටද දැඩි නීතියක් අවශ්‍ය බව මගේ මතයයි. තවද පාසල තුළ ජංගම දුරකථන භාවිතය සාධාරණීකරනය කරමින් කතාකරන්නට සමාජයේ පවතින තත්වය සැමවිටම වලංගු නොවන බව මගේ සිතිවිල්ලයි. දිනකට පැය 6ක කාලයක් පවතින පාසල් කාලය තුල ගෙදර අම්මා/තාත්තා සමග කතා කරනු නොවිය හැකිය. මන්ද ඉතිරි පැය 18 තුල එය කළහැකි බැවිනි. පාසල් තුළ ජංගම දුරකථන භාවිතය තහනමට මා පක්ෂ අතර එය භාවිතා කරන්නට අවසර දෙන්නේනම් කුමන පදනම මතද යන කරුණ මට නොවැටහේ. අප සමාජය ඔය කියන තරම් සමාජ විරෝධිද? සමාජ විරෝධි සිද්ධි කීයක්
පාසල් වලින් මේ වෙනකොට ජංගම දුරකථන නිසා වලක්වාගැනීමට හැකිවූවාද? මේ සෑම ප්‍රශ්ණයකටම පිළිතුර ඔබගේ මනසින් විමසා බලන්න.

මේ සෑම දෙයක්ම මාගේ සිතිවිල්ලට අනුව වන අතර සංවාදයක් ගොඩනගන්නේනම් කැමැත්තෙමි.

2 comments:

  1. මුල් කොටස සමඟ එකඟ වීමට පුලුවන්. ඇත්තටම අපි ඉක්මන් වෙනවට වැඩිය මූලය සොයන එක වැදගත්.

    නමුත් ජංගම දුරකථන තහනම් කිරීම ප්‍රායෝගික ද යන්නෙහි ගැටළුවක් එනවා. පාසැලක Facebook තහනමේ දී එයට පක්ෂව මම කතා කලා. නමුත් දැන් ජංගම දුරකථන තහනමේදී විපක්ෂව කතා කරනවා. මේ දෙක සංසන්දනය කරන්න බැරි බව ඕනේම කෙනෙකුට තේරෙනවා.

    ගෙදර ඉඳන් අඩි දහයක් යන්න කලින් පැහැරගෙන ගිහින් දූෂණය කරලා මරා දමන රටක ජංගම දුරකථන වල අවශ්‍යතාවය වඩාත්ම අපට දැනෙන්න ඕනේ. අපි එතන පාලනය කරන්න ඕනේ ලබා දෙන දුරකථනය කුමන ආකාරයේ එකක්ද යන්නයි.

    අනෙක් කරුණ, ඔබ දුටු දර්ශනය පැහැදිලි කරන්නේ කෙසේද? එයට පැහැදිලි කිරීමක් මෙම සටහනින් මම ලබා දෙන්න උත්සහ කරලා තියෙනවා.

    http://www.theopen.chamiladealwis.com/2009/07/before-we-hang-the-teachers

    ReplyDelete

ජීවිතය විඳින්න එකතු වෙමු.