Saturday, March 13, 2010

ආයෙත් රස්නෙ ඇවිත්

මේ දවස්වල ආයෙත් කතරට රස්නෙට ඇවිත්. දැන් ඉතින් කරවල වෙන කාලෙ. ලංකාව සැරෙන් සැරේ මතක් වෙනවා. අපේ දේශගුණය කොච්චර සනීපද. මෙහෙ තියන කාෂ්ඨක බව කොහොම හරි රට යන්න උණෙන් හිටිය මට හොඳ පාඩමක් කියලා දුන්නා. මම හිතුවේ යුද්දෙ ඉවර උනාට පස්සෙවත් ඉක්මනට ලංකාවට ඇවිත් හොඳ රස්සාවක් කරන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ යන විදියට ඒකත් හීනයක් කියලා හිතෙනවා. ලංකාවට තියන සම්පත් මේ අරාබි රටවලට තිබුනනම් මේ රටවල් හිතාගන්න බැරි තරම් දියුණු වෙනවා අනිවාර්යයෙන්ම. මෙහෙ අරාබි හිටියට ඔවුන් ගොඩ දෙනෙක් විවෘත මනසකින් ලොකය දිහා බලන්නෙ. සියළු රජයේ ආයතන පරිගණකගත කරල තියෙන්නෙ. ලංකාවෙ වගේ අණබෙර ගගහා විවෘත කිරීම් නෑ. නමුත් වැඩේ කෙරෙනවා. මෙහෙ තවම දියුණු වෙමින් පැවතුනත් තව අවුරුදු පහකින් තත්වය දැන්ම මැවිලා පේනවා. එතකොට අපෙ ලංකාව තවත් වයසට ගිහින් තියෙයිද කියලයි මට දුක හිතෙන්නෙ.

4 comments:

  1. ape ayata thiyenne awwa wessa wage option 2y ekat harima normal widihata

    ReplyDelete
  2. මට නම් වේලාවකට හිතෙන්නේ ලංකාවට මේ ඉරණම අත්වෙලා තියෙන්නේ එකාට එකා කපාගැනිල්ල හින්දා කියලයි. ලංකාවේ ගොඩ දෙනෙක් දේශාලකයින් පොරවල් කියලා හිතා ගෙන ඉන්න එක තමයි වැරැද්ද.

    ReplyDelete
  3. මේ දවස් වල මෙහෙ හිටියනම් කියයි ඔහෙ හොඳයි කියලා. මොකද ඒ තරමට මෙහෙ රස්නෙයි මේ දවස් වල

    ReplyDelete
  4. @ indi : ඒක ඇත්ත.

    @ මධුර : අපිට තේරෙනදේ දේශපාලන ඔළුවලට තේරෙන් නෑ. ඔවුන් හැම දෙයම දේශපාලනිකව බලන්නෙ. තමන්ගෙ ගොඩ වැඩිකර ගැනීම ඇර වෙන දේවල් හිතන්න වෙලාවක් නෑ. කටින් විතරයි රට ගැන. හිතින් බඩගැන හිතන්නෙ. මේවා ලියන්න ගියොත් කෙලවරක් නෑ.

    @ ම : මමත් එහෙම හිතපු කාලයක් තිබුනා. දැන්නම් ලංකාවට නවතින්න එන්නෙ කොයිවෙලේද කියලා බලන්නෙ.

    ReplyDelete

ජීවිතය විඳින්න එකතු වෙමු.